ශ්‍රීලන්කන් නිසා දකුණු කොරියා සිහිනය බොද වෙයිද

  • By editor
  • May 24, 2023
  • 0
  • 116 Views

දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත් යාමට සිටි ශ්‍රමිකයින් 48 දෙනෙකුට පැය 10ක ගුවන් ගමන් ප්‍රමාදයක් හේතුවෙන් විදේශගත වීමේ අවස්ථාව අහිමි වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
 
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ දකුණු කොරියාවේ ඉචිගොන් බලා ඊයේ රාත්‍රී 8.05ට ගුවන් ගත වීමට නියමිතව තිබූ යූ.එල් 470 දරණ ගුවන් යානය පැය 10ක කාලයක් ප්‍රමාද වීම මීට හේතු වී තිබේ.

එහි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෙනරත් යාපා මහතා සඳහන් කළේ, නියමිත දිනට පිටත් නොවීම හේතුවන් අදාළ ශ්‍රමිකයින්ගේ රැකියා අවදානමට ලක් වී ඇති බවය.‍‍
 
කාර්මික දෝෂයක් හේතුවෙන් ගුවන් යානය ප්‍රමාද වී ඇති අතර එය අද අලුයම 6.00 ගුවන් ගත වීමට නියමිතව තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *