ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කළ සාමාජිකයන් යළි එම තනතුරුවල පිහිටුවීමට පියවර ගත් බව දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා ප්‍රකාෂ කර තිබේ.
එමෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ පැවති සාකච්ඡා සාර්ථක වූ බවත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ලෙස පක්ෂයේ යහපත උදෙසා සිදුකරන ඕනෑම දෙයකට සහාය දෙන බවත් මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කරයි.
ශ්‍රීලනිපයේ විනය ක්‍රියාමාර්ග මත තාවකාලිකව ඉවත් කරන ලද සාමාජිකයන්ට ද පක්ෂයේ මධ්‍යම කාරක සභාවට පැමිණෙන ලෙස ආරාධනා කර තිබුණි. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මෙම කරුණු පැවසීය.