ශ්‍රීලනිපයේ පුටු තරගයක්

  • By editor
  • September 19, 2023
  • 0
  • 104 Views

පුරප්පාඩු වී පවතින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරය සඳහා පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් කිහිපදෙනෙකු අතර දැඩි තරගයක් නිර්මාණය වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග  සඳහන් කරයි.

කෙසේවෙතත් මෙම ජ්‍යේෂ්ඨයින් අතර ඉදිරියෙන්ම පසුවන්නේ දුමින්ද දිසානායක බව ද වාර්තා වේ.

පක්ෂයේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය ලේකම්වරයෙකු වන හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකු වූ සරත් ඒකනායක ද මෙම තනතුර සඳහා දැඩි උනන්දුවකින් පසුවන බව වාර්තා වේ.

දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් ඉවත් කර වැඩබලන මහලේකම්වරයා ලෙස නියෝජ්‍ය ලේකම් සරත් ඒකනායක පත්කරනු ලැබුව ද එම තනතුරේ වැඩබැලීම අධිකරණය විසින් පසුගියදා වළක්වනු ලැබීය.

ඒ අනුව එම ධුරයේ වැඩ ආරවරණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල පසුගිය සඳුදා පැවති විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී පත්කිරීමට පියවර ගත්තේය.

කෙසේවෙතත් ඉදිරියේ දී ස්ථිර මහලේකම්වරයෙකු පත් කිරීමට නියමිතව පවතින අතර ඒ සඳහා මෙම තරගය නිර්මාණය වී ඇති බව සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *