ශ්‍රී ලංකාවට GSP+ සහනය අහිමිවෙයි ද

  • By editor
  • April 11, 2023
  • 0
  • 114 Views

රජය විසින් ගෙන ඒමට නියමිත ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත හේතුවෙන් ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය ශ්‍රී ලංකාවට අහිමි වීමේ ඉඩකඩක් ඇති බව යුරෝපා සංගමයේ කොළඹ තානාපතිවරයා වන ඩෙනිස් ෂායික් පෙන්වා දෙයි.

මෙම බදු සහනය දීර්ඝ කිරීමට අපොහොසත් වුවහොත් ඉන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන පන්සියයකට අධික වෙළඳ සහනයක් අහිමි වනු ඇති බවද තානාපති වරයා යොමු කර ඇති නිවේදනයේ සඳහන් කර ඇත.

එමෙන්ම මානව හිමිකම් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා රජය අවධානය ලබා නොදුනහොත් එම සහනය අහිමි වී ඉඩ ඇති බවත් මෙරට ජර්මානු තානාපති කාර්යාලයද පසුගිය මසක අනතුරු ඇඟවීමක් කර තිබූ බවද නිවේදනයෙන් පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *