ශ්‍රී ලංකාවේ පළමු ජනාවස ප්‍රදේශ වලට ජනපති කරන්න යන දේ

  • By editor
  • June 17, 2023
  • 0
  • 103 Views

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මල්වතු ඔය ආශ්‍රිත ප්‍රදේශය, මහා විහාර පරිශ්‍රය සහ සීතාවක රාජධානිය ඇතුළත් ප්‍රදේශවල පුරාවිද්‍යා ගවේෂණ කටයුතු ආරම්භ කරන ලෙසට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරියට උපදෙස් ලබා දී තිබේ.

ශ්‍රී ලංකාවේ පළමු වන ජනාවාසය බවට සැලකෙන එම ප්‍රදේශ ආශ්‍රිතව ගවේෂණය කරන ලෙසට අගමැති දිනේෂ් ගුණවර්ධන සහ සංස්කෘතික හා ආගමික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක විසින් කළ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයා මෙම තීන්දුව ගෙන ඇත.

ඒ අනුව මෙම ප්‍රදේශ ආශ්‍රිතව යළි ගවේෂණය කොට පුරාවිද්‍යා නටබුන් සහ සංරක්ෂණය කළයුතු ස්ථාන හඳුනා ගැනීමට කටයුතු කෙරෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *