ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේස්ත්‍රය බිඳ වැටේ. ඉදිරියේදී ගුවන් යානයක්වත් එන්නේ නෑ.

0
194

ළඟදීම ශ්‍රී ලංකාවට ගුවන් යානා පැමිණීම නතර වනු ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන සඳහන් කරයි.

රක්ෂණ ක්ෂේස්ත්‍රයේ ප්‍රාමණිකයෙකු වන ඔහු පවසනුයේ දේශියව ක්‍රියාත්මකවන රක්ෂණ සමගම් තමන් විසින් ගෙවිය යුතු ප්‍රතිරක්ෂණ මුදල් ගෙවීම කළද ඩොලර් හිඟය නිසා එම මුදල් ඩොලර් වලින් අදාල විදේශීය සමාගමට ගෙවීමට නොහැකිවීම නිසා මෙම තත්ත්වය උදාවී ඇති බව ඔහු පවසයි.

මෙරටදී විශාල හානියක් වුවහොත් රක්ෂණය ගෙවා ගැනීමේ ගැටලුකාරී තත්ත්වයක් ඇති වී තිබෙන බවද හෙතෙම පෙන්වා දෙයි. එම තත්වය යටතේ ගං වතුරක් හෝ සුනාමි තත්ත්වයක් ඇතිවුවහොත් සමස්ත රක්ෂණ ක්ෂේස්ත්‍රයම කඩා වැටිය හැකිබව ඔහු පවසයි.

පවතින තත්ත්වය උඩ ඉදිරියේදී ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකුට ලෝකයේ කිසිම රටක වීසා නිකුත් නොකරනු ඇති බවත්, ප්‍රතිරක්ෂණ ක්‍රියාවලිය බිඳවැටීම නිසා ගුවන් තොටුපොලේ රක්ෂණය පවා අවුල් සහගත තත්වයකට පත්වෙමි ඇති බවත් ඔහු පවසයි. ඒ අනුව ඉදිරියෙදී ශ්‍රී ලංකාවට ගුවන් යානයක් පවා පැමිණෙන්නේ නැති තත්ත්වයක් උදා විය හැකි බව ඔහු අවධාරණය කරන්නේය. අන්තර් ජාල නළිකාවක් සමග සම්මුඛ සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here