ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරගාවලි ලැයිස්තුව මෙන්න

  • By editor
  • November 30, 2023
  • 0
  • 76 Views

එළඹෙන වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වීමට නියමිත තරගාවලි ලැයිස්තුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබේ.

ඒ අනුව 2024 වසරේදී ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 10ක්, එක්දින තරග 21ක් සහ විස්සයි විස්ස තරග 21ක් සඳහා තරග වැදීමට නියමිතයි.

එම තරග කාලසටහනේ පළමු තරගාවලිය සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව මෙරට සත්කාරකත්වය යටතේ එළඹෙන ජනවාරියේ දී ආරම්භ වීමට නියමිත අතර අවසන් තරගාවලිය එළඹෙන වසරේ දෙසැම්බර් මාසයේ දී නවසීලන්තයට එරෙහිව පැවැත්වෙනු ඇත.

ඊට අමතරව 2024 වසරේ ජූලි මාසයේ දී ඇරඹෙන T20 ලෝක කුසලාන තරගාවලියේදී ද ශ්‍රී ලංකාව තරග වදින අතර එම තරගාවලිය සදහා සත්කාරකත්වය ලබා දෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් දුපත් සහ ඇමෙරිකාවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *