ශ්‍රී ලංකා ක්‍රිකට් වලට වුණ දේ මුත්තයියා හෙළිකරයි

  • By editor
  • October 15, 2023
  • 0
  • 260 Views

තමන් ලබා දෙන උපදෙස් ශ‍්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් පිළිනොගන්නා බවත් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් තමන්ගෙන් උපදෙස් පතා පසුපසින් එන බවත් හිටපු සුපිරි දඟ පන්දු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සඳහන් කර ඇත.

එක්තරා රූපවාහිනී නාළිකාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළකර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වැඩි වශයෙන් සමාජ ජාලා පස්සේ යන බැවින් ඔවුන්ට මෙම තත්වය උද්ගත වී තිබෙන බවත් හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයන් සමාජ ජාලා හරහා තමන් වර්ණනා කරමින් විවිධ වාර්තා තමන් විසින්ම සම්පාදනය කරන බවත් ඔහු හෙළි කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *