ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයෙන් අනතුරු ඇගවීමක් 

  • By editor
  • December 28, 2023
  • 0
  • 144 Views

2024 ජනවාරි සිට ක්‍රියාත්මක ආනයනික නොකැපූ මැණික් මත සහ ශ්‍රී ලංකාවේදී සංචාරකයන්ට අළෙවිකරන මැණික් සහ මැණික්ද යොදා ගනිමින් නිපදවන ස්වර්ණාභරණ මත 18% වැට් බද්ද පැනවීමෙන් බරපතල හානියක් සිදුවන බවට ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ (Sri Lanka Gem and Jewellery Association – SLGJA) සාමාජිකයෝ සදහන් කරති.

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය පවත්වාගෙන යන ආකාරය වටහා ගැනීමට රජය අසමත් වී ඇති බවත් අගය එකතු කළ අපනයනවල 70%ක් රඳාපවතින්නේ වාණිජ අරමුණු පිණිස වන නොකැපූ මැණික් ආනයනය මත බවත් ඔවූහු පෙන්වා දෙති.

අන්තර්ජාතික මට්ටමේ තාක්ෂණය සහ ශිල්පයෙහි නිපුණතාවයෙන් හෙබි මෙම දේශීය කර්මාන්තය ඩුබායි වැනි නැගී එන මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්ත කේන්ද්‍රයක් හෝ බැංකොක් සහ හොංකොං වැනි සාම්ප්‍රදායික ස්ථාන කරා ගෙනගොස් පිහිටුවීමේ අවදානමකට ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවනු ඇති බවත් සදහන් කරයි.

එසේම ඉන්දියාව (3%) , තායිලන්තය (7%) , ඩුබායි (5%) වැනි තරඟකාරීත්වයක් ඇති කරන රටවල වැට් බදු අනුපාතය අඩු හෙයින් ශ්‍රී ලංකාවට තරඟකාරීත්වය අහිමිවී යාමක් සිදුවන බවත් එම සේවකයින් පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *