ශ්‍රී ලංකා රේගුව වජිරට සුදු හුණු ගායි

  • By editor
  • July 11, 2023
  • 0
  • 86 Views

වජිර අබේවර්ධන විසින් රේගුවෙන් අත්අඩංගුවට ගන්නා ලද රන් භාණ්ඩ තොගයක් මුදාගැනීම සඳහා බලපෑම් නොකළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත් සිල්වා සඳහන් කරයි.

ඔහු විසින් සිදුකර ඇත්තේ ආයාචනයක් පමණක් බවත් ඔහු සඳහන් කළේය.

යම්කිසි භාණ්ඩයක් රාජසන්තක වීම සම්බන්ධයෙන් පුද්ගලයෙකුට සෘජුව හෝ වක්‍රව රේගුවට අභියාචනා ඉදිරිපත් කළ හැකි බවද ඔහු පෙන්වා දී තිබේ.

මේ අතර රන් භාණ්ඩ නිදහස් කිරීම සම්බන්ධයෙන් සමාජජාලාවල සංසරණය වන ලිපිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *