ශ්‍රී ලන්කන් අයෙත් ඇණගනී

  • By editor
  • June 29, 2023
  • 0
  • 136 Views

ජපානයේ නරිටා බලා පිටත් වු “ඒ 330 – 300” එයාර් බස් වර්ගයේ ශ්‍රී ලන්කන් ගුවන් යානය කාර්මික දෝෂයක් හේතුවෙන් නැවත කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වා තිබේ.

මෙම ගුවන් යානය මගීන් 301 දෙනෙකු සමග ඊයේ රාත්‍රී 8.20ට පමණ ගුවන්තොටුපොළෙන් පිටත්ව ගොස් තිබූ අතර කාර්මික දෝෂයක් හේතුවෙන් පැය 02යි විනාඩි 25ක පමණ කාලයකට පසු නැවත ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

කෙසේවෙතත් එම ගුවන් යානයේ ගමන්ගත් ගුවන් මගීන් වෙනත් ගුවන් යානා මගින් ජපානය වෙත යොමුකිරීමට පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *