ශ්‍රී ලනීපයට ‘රනිල්වාදි’ මහාලේකම්වරයෙක්

  • By editor
  • September 14, 2023
  • 0
  • 158 Views

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක පත් කිරීමට සූදානම් වෙයි.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පක්ෂ මහලේකම් තනතුරින් ඉවත් කිරීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන සමග දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා සමීපව කටයුතු කර තිබුණි.

රනිල් වික්‍රමසිංහට සහාය ලබාදීමට කටයුතු කළ යුතු බවට වන මතයේ දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා සිටින අතර දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා එයට පරස්පර ස්ථාවරක සිට තිබුණි.

දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා පක්ෂ මහලේකම්ධූරයට පත්වීමෙන් පසුව ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් දැඩි තීරණ කිහිපයක් ගැනීමට නියමිත බවද අනාවරණය වේ.

ඒ අනුව ඉදිරි මැතිවරණය සදහා රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් සන්ධානයක් නිර්මාණය කරන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහි එක් සාමාජික පක්ෂයක් බවට පත් කිරීම සදහා අවශ්‍ය කටයුතු දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා විසින් සකස් කරනු ඇතැයිද දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *