ශානි දිනුම් ගෝඨා පාරාදයි

  • By editor
  • January 17, 2024
  • 0
  • 920 Views

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරය දැරු අවදියේ ඔහුගේ පෞද්ගලික පළිගැනීමට ලක් වු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානී අබේසේකරට යළිදු වරක් යුක්තිය ඉටු වී ඇත.ඒ ශ්‍රේෂ්ඨාධිකරණ දුමින්ද සිල්වාට එරෙහිව දුන් නඩු තීන්දුවෙනි.
භාරත ලක්ෂමන් ඝාතනයේ ප්‍රධාන විමර්ශන නිලධාරියා ශානි අබේසේකර වු අතර ඔහුගේ දුම්න්ද සිල්වාට එරෙහිව ඔහු එල්ල කළ චොා්දනා ත්‍රි පුද්ගල විනිසුරු මණ්ඩලය මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේද තහවරු විය.මේ හේතුවෙන් දුමින්ද සිල්වාගේ පවුලට අයත් හිරු නාලිකාවෙන් ශානි දැඩි විවේචනයට ලක් විය.
දුමින්ද සිල්වාගේ හිතවතෙකු වන ගෝඨාභය රාජපක්ෂ ජනපති වු විට මුලින්ම කළ කාර්යය වුයේ ශානි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කිරීමය.ඉන්පසු ඔහු දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ප්‍රදානය කළේය දුමින්ද නිදහස් කර අසත්‍ය චෝදානා නගමින් ශානි අත්අඩංගුවට ගෙන වසරකට අධික කලක් රිමාන්ඩ් බාරයේ තැබිය.ශානි අත්අඩංගුවට ගැනීම නිති විරෝධී බව අධිකරණය තීරණය කළේය.
භාරත ඝාතනය වු මොහොතේ දුමින්දටද වෙඩි වැදුණු අතර ශ්‍රි ජයවර්ධන පුර රෝහලට ඇතුළු කළ ඔහු බැලීමට මුලින්ම ගියේ එකල ආරක්ෂක ලේකම් වු ගෝඨාභය රාජපක්ෂය. ඒ අවස්ථාව ජායාරැප ගත කළ ජායාරැප ශිල්පි සජිව චින්තක කහදගමගේ ගෝඨාභයගේ ආරක්ෂකයන්ගේ මරණ තර්ජනයට ලක් විය. වැඩිදුර පුතිකාර ගැනිමට විදෙස් ගතවිමට ගුවන් තොටුපලට රැගෙන ගිය දුමින්දට හමුදා අාරක්ෂාව දුන්නේ ගෝඨාභය ගේ නියෝග පරිදිය.
කෙසේ නමුදු දුමින්දට ජනපති සමාව දීම වැරැදි බව ශේුෂ්ඨාධිකරණය අද දින තීරණය කිරිමත් සමග ශානි කළ පරික්ෂණ නිවැරැදි බවත් ගෝඨාභය අනීතිකව කටයුතු කර ඇති බවත් යලිත් වරක් ඔප්පු වි තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *