පැවැත්වීමට නියමිත 2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය ඔක්තෝබර් මස 15 වන දා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව, ජූනි මස 15 වන දින සිට ජුලි මස 6 දක්වා ඒ සඳහා අයැදුම් පත්‍ර කැඳවීම සිදුකෙරේ.
කිසිදු හේතුවක් මත හෝ අයැදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදුනොකරන බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් විය හැක්කේ, රජයේ පාසලක හෝ රජය විසින් අනුමත කරනු ලද පාසලක 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ට පමණක් බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර ඇත.
අයැදුම්පත් එවිය යුත්තේ, මාර්ගගත ආකාරයෙන් වන අතර, අයැදුම් කිරීමේ උපදෙස් පත්‍රය හා ව්‍යවස්ථාව https://onlineexams.gov.lk/eic වෙත පිවිසීමෙන් ලබාගත හැකි ය.