ශිෂ්‍යනායක තනතුර ගන්න සිසුවියක් තවත් සිසුවියන්ට වස දීලා

  • By editor
  • August 15, 2023
  • 0
  • 304 Views

නාරම්මල පාසලක ශිෂ්‍ය නායක තනතරු සඳහා ඇති වී තිබෙන තරඟයක් මත එක් සිසුවියක් තවත් සිසුවියන්ගේ ජල බෝතල් වලට විෂ ද්‍රව්‍යක් දැමීමේ සිද්ධියක් වාර්තා වේ.


එම විෂ ද්‍රව්‍ය මිශ්‍රිත ජලය පානය කළ සිසුවියන් 06 දෙනෙකු රෝහල් ගතකර තිබෙන බව ද වාර්තා වේ.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 06 දෙනෙක් වන අතර, එක් සිසුවියක් විසින් ඇය සමඟ අමනාප තවත් සිසුවියන් කිහිප දෙනෙකුගේ වතුර බෝතල්වලට මෙලෙස වල් නාශක මිශ්‍ර කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසෙවෙතත් අදාළ සිසුවිය ද එම වතුර පානය කර ඇති අතර, ඇය ද රෝහල් ගතකර ඇති අතර එම පිරිසගේ තත්වය බරපතළ නොවන බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *