ෂාෆ්ටර්ගේ ඝාතනයට ළගම හිතවතුන්ගෙන් ප්‍රශ්න කෙරේ – ෂාෆ්ටර්ට බිලියන ගණනක රක්ෂණ ඔප්පු 

  • By editor
  • November 20, 2023
  • 0
  • 82 Views

අභිරහස් ලෙස ඝාතනයට ලක් වූ ව්‍යාපාරික දිනේෂ් සාෆ්ටර් මහතාගේ ඝාතනය පිළිබඳව ඔහුගේ පවුලේ සාමාජිකයෙක් ගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන බව වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනට සිදුකර ඇති මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ සාෆ්ටර් මහතා සතුව බිලියන ගණනක් වටිනා රක්ෂණ ඔප්පු 12කට අදාළ රක්ෂණ ආවරණ තිබී ඇති බවයි.

එමෙන්ම තවත් රුපියල් බිලියන ගණනක දේපළද ඔහු සතුව තිබී ඇති අතර බැංකු ගිණුම් 19ක ද වත්කම් හිමිකමක් ද ඔහුට තිබී ඇත.

එනිසා මෙම ඝාතනය දේපළ හා රක්ෂණ ආවරණ ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් සමීපතමයෙකු සිදු කළේ ද යන්න විමර්ශනය කිරීමට නියමිතය.

කෙසෙවෙතත් පසුගිය දිනක අගතියට පත් පාර්ශවය වෙනුවෙන් දිනේෂ් ෂාෆ්ටර්ගේ පියා ද අදාළ නඩුවට ඉදිරිපත් වෙමින් නීතිඥ සාලිය පීරිස් මහතා වෙනම ඉදිරිපත් කිරීම සුවිශේෂීත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *