ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් බ්‍රයන්ගේ DNA වාර්තා කැදවයි

  • By editor
  • April 25, 2023
  • 0
  • 204 Views

අභිරහස් ලෙස බොරැල්ල සුසාන භූමිය තුළ දී මරණයට පත්වී තිබූ ප‍්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් බ්‍රයන් තෝමස්ගේ DNA වාර්තා කැඳවීමට අධිකරණය විසින් නියෝග කර තිබේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් රජය රස පරීක්ෂකවරයාට ඊයේ දිනයේ මෙම නියෝගය නිකුත් කර තිබේ.

මෙම නියෝගය නිකුත් කරන ලද්දේ ෂාෆ්ටර් මහතා මිය යන අවස්ථාවේ ඔහු අසල තිබූ වතුර බෝතලය, ගෙල සිර කර තිබූ කේබල් වයරය හා දෙඅත් බැඳ තිබූ සිප් ටයි පටියේ ආගන්තුක ජෛව සාම්පල දෙකක් ඇතැයි රජයේ රස පරීක්ෂකවරයා සිදු කරන ලද වාර්තාවක් මතය.

මෙම ආගන්තුක ජෛව සාම්පල බොරැල්ල කනත්තේ සේවකයන් ‍දෙදෙනා හා ඇතුළු පුද්ගලයන් හතරදෙනකුගේ DNA සැසදුවද ඒවා සැසඳෙන්නේ නැති බවද රස පරීක්‍ෂකවරයා කරුණු වාර්තා කර තිබින.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *