සංගීත ප්‍රසංගයක බීමත්ව බවුන් වඩන්න ගිය හිමිනමක් අත්අඩංගුවට

  • By editor
  • June 13, 2023
  • 0
  • 96 Views

සංගීත ප්‍රසංගයක දී අධික ලෙස මත්පැන් පානය කර කලහාකාරි ලෙස හැසිරුණු චීවරධාරියෙකු ඌරාපොල ප්‍රදේශයේ දී අත්තනගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම චීවරධාරියාට භික්ෂු හැඳුනුම්පතක් ද නොමැති බව පරීක්ෂණ වල දී හෙළි වී තිබේ.

මෙම චීවරධාරියා බීමත් ව සෙසු පුද්ගලයන් සමග ආරවුලක් ඇතිකරගෙන සංගීත භූමියේ කලහකාරී ලෙස හැසිර තිබේ.

එම අවස්ථාවේ පොලිසිය මැදිහත්වී චීවරධාරියා පොලිසියට රැගෙන ගොස් ඇති අතර එම අවස්ථාවේදී ද චීවරධාරියා විසින් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට ද පහර දී තිබේ.

කෙසේ වෙතත් මෙම චීවරධාරියා පොලිසියට සඳහන් කර ඇත්තේ තමන් සංගීත භූමියේ බවුන් වඩමින් සිටියදී අත්අඩංගුවට ගන්නා ලද බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *