සජබයට පහරදුන්නට පාඨලීගෙන් සැර ප්‍රකාශයක්

  • By editor
  • January 31, 2024
  • 0
  • 67 Views

සමගි ජන බලවේග විරෝධතාවයට අමානුෂික ලෙස පොලිසිය විසින් පහර දීම තමන් තරයේ හෙලා දකින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සදහන් කළේය.

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ  පොලීසිය ජනතාව මර්දනය සඳහා යොදා නොගෙන රට නිවන තැනකට ගෙනගොස් සිහිබුද්ධියෙන් තීරණ ගනු ලබන ජනතාවක් බිහි කිරීම බව ද හෙතෙම පැවසීය.

රටේ විපක්ෂනායකවරයාගේ පක්ෂයේ උද්ඝෝෂණයකටත් සලකන්නේ මේ ආකාරයට නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව බරපතල ප්‍රශ්නයක් ඇති බව ද පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *