සජබයේ දිරච්ච ලණුව කාපු කාවින්ද ජයවර්ධන

  • By editor
  • January 18, 2024
  • 0
  • 208 Views

සජබයේ රැස්වීම් සදහා ජනතාව එකතු කරගැනීම අපහසු බැවින් ඊට හොදම ක්‍රියාමාර්ගය වන්නේ උද්ඝෝෂණ පැවැත්වීම බව සජබය සාකච්ඡා කර තීරණයකට එළැඹ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

කෙසෙවෙතත් ඒ අනුව යෝජනා වී ඇත්තේ රජයට එරෙහිව පවත්වනු ලබන ඕනෑම උද්ඝෝෂණයකට සජබය නියෝජනය කරනුලබන මන්ත්‍රීවරයෙක් ඒ සදහා සහභාගී වී මාධ්‍ය වෙත අදහස් දැක්වීමට ය. එවිට එම උද්ඝෝෂණය සජබයේ එකක් බවට ජනතාවට ඒත්තු ගැන්වෙන බව ද එහිදී සාකච්ඡා කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

පසුගිය දිනක පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා රජයට එරෙහිව පැවති උද්ඝෝෂණයක අදහස් දැක්වීමට මාධ්‍ය වෙත ඉදිරිපත් වී තිබේ.එහිදී උද්ඝෝෂකයින්ගේ දෝෂාරෝපණ එල්ල වීමෙන් උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙන අතර මන්ත්‍රීවරයාට එම ස්ථානයෙන් පිටවී යන්නට සිදු වී ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *