සජබයේ ලොක්කො ඉස්සරහම රොඩ්නි සජබය පතුරු ගහයි – සජබ සංවිධායක වෙන්නනම් එක්කො රෝයල් වෙන්න ඕන නැත්නම් නීතිඥවරයෙක් වෙන්න ඕන

  • By editor
  • August 8, 2023
  • 0
  • 129 Views

සමගි ජන බලවේගයේ සංවිධායක කෙනෙක් වීමට නම් රෝයල් හෝ නීතිඥවරයෙක් වියයුතු බවට හිටපු පළාත් සභා මන්ත්‍රී රොඩ්නි පේෂර් සදහන් කළේය.

පසුගිය දා මහරගම දී ජනහමුවක් අමතමින් ඔහු මේ බව සදහන් කළේය.

එවකට සමගි ජන බලවේගයේ රැස්වීමකට සහභාගී වීමට අකැමති වූ සරත් ෆොන්සේකා මේ වනවිට පක්ෂයේ සභාපතිවරයා වී ඇති බවත් එවකට සජබයේ රැස්වීම් වලට සහභාගී වන අය පිළිබඳ රනිල්ට ඔත්තු සැපයූ අය කෘතයධිකාරී මණ්ඩල සභික වී ඇති බවත් හෙතෙම පැවසීය.

පක්ෂය විසින් යන ගමනක් තමන්ව ද රැගෙන යන ලෙසත් නැතහොත් තමන්ව පක්ෂයෙන් ඉවත් කළ ද ගැටළුවක් නොමැති බවත් හෙතෙම පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු සදහන් කළේ

“මට පොඩි කණගාටුවකුත් ඇති වුණා මහරගම හන්දියට එනකොට බෝඩ් එක දැක්කම ඔය බෝඩ් එකේ අපේ ෆොටෝ එකක් පොඩ්ඩක් හරි තියෙන්න තිබුණා කියලා මට හිතෙනවා. මම වැරදි නම් මට සමාවෙන්න. අනුන්ගේ ආසනයක ආරාධිතයෙක් හැටියට හිටපු පළාත් සභා මන්ත්‍රී කියලා මාව දන්නෙත් නැහැ මම හිතන්නේ ඔබතුමන්ලාගේ කාර්ය මණ්ඩලය. අපි ආරාධිතයෝ නෙවෙයි වෙන්න ඕනේ ක්‍රියාකාරිකයෝ. අපිට හරි කණගාටුයි සමහර වෙලාවට. මට නම් දේශපාලනය තිත්ත වෙලා තියෙන්නේ. දේශපාලනයෙන් කොයි වෙලාවේ සමු ගන්නවද කියලා ඉන්නේ. මට දේශපාලනයෙන් සමු ගන්න කියලා ගෙදර කට්ටිය හැම වෙලාවේම කියනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *