සජබය ඇතුළේ කචල් ෆොන්සේකා එළියට දායි

  • By editor
  • February 1, 2024
  • 0
  • 86 Views

හිටපු හමුදාපති දයා රත්නායක මහතා සමගි ජන බලවේගයෙන් ඉවත් කරන ලෙස එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් තමන් ඉල්ලීමක් කර ඇති බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සදහන් කරයි.

එසේ නොකරන්නේ නම් බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

තමන් කිසිවිටෙකත් පක්ෂය අත් හැර නොයන නමුත් දයා රත්නායක මහතාගේ පත්වීමට එරෙහිව කටයුතු කිරීමට සිදුවන බවද ඔහු සදහන් කළේය.

එසේම එම පත්කිරීමට එරෙහිව පක්‍ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, කබීර් හෂීම් ඇතුළු මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම එකගතාවයක් නොමැති බව ද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

පක්ෂයට කැමති ඕනෑම අයෙකු පිළිගැනීම සඳහා කෘත්‍යාධිකාරි මණ්ඩලය හිස් චෙක් පතක් නායකයාට ලබා දී නැති බවත් ඔහු පෙන්වා දුන්නේය.

කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මෙම අදහස් පළකළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *