සජබය කෙහෙළියට එරෙහිව පළමු පියවර තබයි

  • By editor
  • July 20, 2023
  • 0
  • 47 Views

පසුගිය දිනවල දැඩි කතා බහට ලක් වූ වගකීම් විරහිත ලෙස ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ ගෙන්වා සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දුර්වල කිරීම හා එමඟින් මරණ සිදුවීම යන කරුණු හේතු කර ගෙන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට අද (20) සමගි ජන බලවේගය කටයුතුකර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේ දී සදහන් කරනු ලැබුවේ ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට කොන්දක් තිබේ නම් මේ විශ්වාසභංග යෝජනාවට අත්සන් කරන ලෙස යි. එසේ ම රටක සෞඛ්‍ය යනු ජනතාවගේ ජන ජීවිතය බවත් සෞඛ්‍ය පිරිහීම ජනජීවිතයේ කඩාවැටීමට හේතුවක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සදහන් කළේය.

ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම සහ භාවිතය හේතුවෙන් පසුගිය කාලයේ අප රටේ රෝහල් පද්ධතිය තුළ විශාල මරණ සංඛ්‍යාවක් සිදු වීම සම්බන්ධයෙන් දිගින් දිගටම සමගි ජන බලවේගය විසින් ආණ්ඩුව දැනුවත් කළ නමුත් ඒ පිළිබඳ ඔවුන් තැකීමක් නොකර හදීසි අවස්ථාවක් යැයි සලකා ප්‍රසම්පාදන හා ලියාපදිංචි ක්‍රියාවලියෙන් බැහැරව එම ඖෂධ ගෙන්වීම සිදු වූ අතර ඒ හේතුවෙන් මෙරට ප්‍රධාන පෙළේ රෝහල් ගණනාවකම ජීවිත හානී සිදු වී තිබුණි.

එකී කරුණු පෙරදැරි කර ගෙන මෙම විශ්වාසභංග යෝජනාව අත්සන් තැබීම අද සිදුවන බවට සමගි ජන බලවේගය සදහන් කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *