සජබ උද්ඝෝෂණ වල කොන්ත්‍රාත්තුව මෙන්න මේ අයට – එජාප මහලේකම්ගෙන් හෙළිදරව්වක්

  • By editor
  • January 24, 2024
  • 0
  • 51 Views

සමගි ජන බලවේගය විසින් පවත්වනු ලබන උද්ඝෝෂණ සඳහා සහභාගී වන පාක්ෂිකයන්ට බත් පාර්සල් හා මත්පැන් ලබාදීමේ කොන්ත්‍රාත්තුව මේ වනවිටත් එම පක්ෂයේ දෙදෙනෙකුට ලබා දී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංග බණ්ඩාර මහතා සඳහන් කළේය.

ඒ අනුව සමගි ජන බලවේග නායකයාගේ ලගම හිතවතෙකුට හා මෑතකදී මන්ත්‍රීකමක් ලබාගත් ව්‍යාපාරිකයෙකුට එහි වගකීම ලබා දී ඇති බවත් ඒ වෙනුවෙන් රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වෙන් කර ඇති බවද හෙතෙම පැවසීය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *