ආණ්ඩුවට එක් වන සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරයෙක්ට රුපියල් කෝටි 20 බැගින් මුදල් ලබාදීමට කටයුතු කරමින් ඇතැයි සමගි ජන බලවේගය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කරයි.
සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ආණ්ඩුවට එක්වන බවට මාධ්‍ය මගින් වාර්තා කල නමුත් තම පක්ෂයේ කිසිම මන්ත්‍රීවරයෙක් වත්මන් ආණ්ඩුවට එක් නොවන බවද හෙතෙම පැවසීය.
සත්‍යවශයෙන්ම සිදු වී ඇත්තේ ආණ්ඩුවේ විශාල පිරිසක් දැනටමත් විපක්ෂයට එක් වී සිටීම බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය.