සජිත්ගේ කතාවක් නිසා ලේක්හවුස් දෙදරයි! – ප්‍රවෘත්ති කර්තෘ ඉල්ලා අස්වෙන්න හදයි

  • By editor
  • October 7, 2023
  • 0
  • 414 Views

පසුගිය දා දිනමිණ පුවත්පතෙහි පළ වූ පුවතක් සම්බන්ධයෙන් රාජ්‍ය නායකයා අපහසුතාවට පත් වූයේ යැයි පවසමින් හා ඊට කරුණු විමසමින් දිනමිණ ප්‍රවෘත්ති කර්තෘ ඩබ්.ජී නලින් දිල්රුක්ෂ වෙත ලේක්හවුස් සාමාන්‍යාධිකාරී විසින් ලිපියක් යොමුකර තිබේ.

ඉකුත් සැප්තැම්බර් මස 30 වනද දිනමිණ ඊ පුවත්පතෙහි ‘රට බංකොලොත් වී තිබිය දී නායකයින් මාස්පතා රට සවාරි යනවා’ මැයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් මෙම පුවත පළකිරීමට නලින් දිල්රුක්ෂ ප්‍රවෘත්ති කර්තෘ වරයා අනුමැතිය ලබා දී ඇත.

කෙසෙවෙතත් එම පුවත මගින් රාජ්‍ය නායකයා අපහසුතාවට පත්වූයේ යැයි සහ නොසැලකිල්ලෙන් කටයුතු කරඇතැයි පවසමින් ඊට එරෙහිව විනය ක්‍රියාමාර්ග නොගැනීමට හේතු විමසමින් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මානව සම්පත් හා පරිපාලන විසින් ප්‍රවෘත්ති කර්තෘ වෙත ලිපියක් යොමුකර තිබේ.

නමුත් ඊට පිළිතුරු සපයමින් ප්‍රවෘත්ති කර්තෘවරයා විසින් සදහන් කර ඇත්තේ එම පුවත පළකිරීමෙහි වගකීම තමන් භාරගන්නා නමුත් එම පුවත පළ කිරීමට ප්‍රථම ඉහළ නිලධාරීන්ගේ අනුමැතිය ද ලබා ගත් බවයි.

කෙසේනමුත් තමන් නොසැලකිල්ලෙන් කටයුතු කරන බවට චෝදනා නගන්නේ නම් මේ මොහොතේ සිටම සියධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ද හෙතෙම දන්වා තිබේ.

අදාළ ලිපි පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *