සජිත්ගේ නායකත්වය යටතේ විශාලතම සන්ධානයක් ගොඩ නැගේ – පොහොට්ටුවේ මන්ත්‍රීන් කිහිපදෙනෙක් එක්වෙයි

  • By editor
  • June 16, 2023
  • 0
  • 72 Views

සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්ෂය තම ප්‍රතිපත්ති වලට ගැලපෙන පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ නියෝජනය නොකරන දේශපාලන පක්ෂ සමඟ එක්ව විකල්ප ආණ්ඩුව නිර්මාණය කිරීමේ අරමුණින් සාකච්ඡා පවත්වන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

එය සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාගේ නායකත්වය යටතේ ගොඩනැගෙන විශාලතම සන්ධානය බවත් මැතිරණයකදී එකට වැඩ කළ හැකි ආර්ථික ප්‍රතිපත්තිය සමග එකඟවන කණ්ඩායම් සමඟ මේවන විටත් සාකච්ඡා කර ඇති බවත් වාර්තා වනවා.

ඒ සදහා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මේවන විටත් සමගි ජන බලවේගය සමග වැඩ කටයුතු කරන බවත් තවත් පිරිසක් ඉදිරියේදී එක්ව වැඩ කිරීමට සජිත් ප්‍රේමදාස සමඟ එක්ව කටයුතු කිරීමට සාකච්ඡා කරමින් සිටින බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *