සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සමග දැන් සිටින්නේ පක්ෂයේ පොත්ත පමණක් බවත්, ඇතුළත සියල්ලම ගලවා ඇති බවත් මනුෂ නානායක්කාර ඇමැතිවරයා කීවේ හරින් ප්‍රනාන්දු ඇමැතිවරයා සංවිධානය කළ වත්තල ඒකසත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීමේදීය. රහින් ප්‍රනාන්දු ඇමැතිවරයා කීවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට කීමට ඇත්තේ ආණ්ඩුවට එක්විය යුතු දිනය පමණක් වන බවය. එවිට එම මන්ත්‍රීවරු ආණ්ඩුවට එක්වන එවද කීවේය.
සමගි ජන බලවේගයේ පොත්ත පමණක් ඉතිරිවන්නට ඇතුළත ගැලවීම ඇරඹුනේ හරින් සහ මනුෂ රනිල් වික්‍රමසිංහ සමග එක්වූ දිනයේ සිටය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය අවසන් කරමින් රටේ ඇතිවූ අර්බුදකාරී වාතාවරණයට විසදුම් ලබාදීම සදහා පාලන බලය ලබාගන්නා ලෙසට කළ ඉල්ලීම්වලට සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාගේ ප්‍රතිචාරචක් නොලැබුණ විට ඔවුන් දෙදෙනා රටේ වගකීම් කරට ගෙන රනිල්ට ශක්තියක්වූවේය.
ඔවුන් දෙදෙනො පක්ෂයෙන් ඉවත්වූ පසුව කණ්ඩායම් වශයෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු රනිල් සමග සාකච්ඡා කිරීම ආරම්භ කර තිබුණේය. කාවින්ද ජයවර්ධනලා එක් පැත්තකින් සාකච්ඡා කරන විට රාජිත සේනාරත්නලා තවත් පැත්තකින් රනිල් සමග එක්වීමට සාකච්ඡා කරමින් සිටියේය. දැන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට ඇත්තේ දැන් එන්න යැයි කියන පණිවුඩය ලබාදීම පමණකි.
සජිත් වඩාත් ආදරය කළ මාධ්‍ය ලේකම් හරින් ළගට
මන්ත්‍රීවරුන් සජිත් හැරදා යෑමට සූදානම් වන විට සජිත් වඩාත් ආදරය කළ, ඔහුට වඩාත් සමීපව සිටි පුද්ගලයෙක් පසුගිය සතියේදී ඔහු හැරදා ගියේය. ඒ විපක්ෂ නායක මාධ්‍ය ලේකම් රංජිත් කුමාර සමරකෝන්ය. ඔහු සමග සමගි ජන බලවේගයේ මාධ්‍ය කණ්ඩායමක්ම එතැනින් ගැලවී ගියේය.
සජිත්ගේ මාධ්‍ය ලේකම්ට එතැනින් ඉවත්වීමට හේතුවී තිබුණේ ජලනි ප්‍රේමදාසගේ සහ ලක්ෂ්මන් ෆොන්සේකාගේ බලපෑම්ය. හරින්ට හා මනුෂටත් ලක්ෂ්මන් ෆොන්සේකා සමග දිගටම ගැටුම් තිබුණේය. ඒ ජලනිගේ උවමනාව මත සජිත් හා පක්ෂය හැසිරවීමට උත්සාහ ගැනීම නිසාය.
සජිත්ගේ මාධ්‍ය ලේකම්ගේ වගකීම වන්නේ විපක්ෂ නායකවරයාගේ මාධ්‍ය කටයුතු මෙහෙයවීමය. එහෙත් සජිගේ මාධ්‍ය කටයුතු මෙහෙයවනවාට වඩා ජලනිට අවශ්‍ය වී තිබුණේ තමන් පිම්බීමය. සමගි ජන බලවේගයෙන් මීළගට ජනාධිපතිවරයා බවට පත් වන්නේ කාන්තාවක් යැයි ජ්‍යොතිශ්‍යයින් පවසා තිබීම මේ සදහා හේතුවී තිබුණේ යැයි සමගි ජන බලවේගය කාර්යාලයේ කා අතරත් කතා වූ කතාවකි.
ජලනි නිසා රංජිත්ට කාමරයත් අහිමිවේ
ජලනි වෙනුවෙන් මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීම සදහා වෙනම මාධ්‍ය කණ්ඩායමක් තෝරා ගෙන තිබුණි. ඔවුන් විපක්ෂ නායක කාර්යාලයේ ස්ථානගත කිරීමටත් අවශ්‍ය පියවර ගෙන තිබුණේය. ජලනි වෙනුවෙන් මාධ්‍ය කටයුතු මෙහෙයවීම සදහා පැමිණි පුද්ගලයින්ට ලබාදුන්නේ සජිත්ගේ විපක්ෂ නායක්ගේ කාමරයයි. ජලනිගේ කණ්ඩායම පැමිණීම නිසා සජිත්ගේ මාධ්‍ය ලේකම්ට තමන්ගේ කාමරය අහිමිවී ගියේය.
තමන්ගේ කාමරය අහිමිවී යාමෙන් පසුව රංජිත් විපක්ෂ නායක කාර්යාලයේ තැනින් තැන ගොස් සිටින තත්වයකට පත්වූවේය. විපක්ෂ නායක පුද්ගලික ලේක්ම්ගේ කාර්යාලයේ කොටසක් හුවමාරු කරගැනීමට සිදුව තිබුණේය.
මේ සමගින් රංජිත් තීරණයක් ගත්තේය. ඒ සජිත් හැරදා යාමටය. ඔහු සජිත් හැරදා යාමේ තීරණය ගත්තේ තනිවම නොවේ. ඒ වන විටත් සමගි ජන බලවේගයේ මාධ්‍ය කටයුතු කිරීමට පැමිණ සිටි කණ්ඩායමක් සමගය.
ඒ මාධ්‍ය කණ්ඩායම සේවයට බදවාගෙන තිබුණේ සජිත්ගේ රෝයල් පංති සගයෙක් වන රජීව් නානායක්කාරය. පක්ෂයේ මාධ්‍ය කටයුතු ශක්තිමත් කිරීමේ අරමුණින් ඔවුන් බදවාගෙන තිබුණත්, අවසානයේදී ඔවුන්ට ප්‍රවර්ධනය කිරීමට තිබුණේ පක්ෂය නොව ජලනිය.
ඒ සදහා රජීව් නානායක්කාරගේ වැඩි කැමැත්තක් නොතිබූ තැන එම කණ්ඩායමට වැටුප් ගෙවීමට ඔහු අදි මදි කර තිබුණේය. ඉන් පසුව එම කණ්ඩායම තමන් යටතට ගැනීමට ලක්ෂ්මන් ෆොන්සේකා කටයතු කර තිබුණේය. ලක්ෂ්මන් ෆොන්සේකාටත් අවශ්‍ය වී තිබුණේ ජලනි ප්‍රවර්ධනය කිරීමටය.
රංජිත් විපක්ෂ නායක මාධ්‍ය ලේකම්ධුරයෙන් ඉවත් වන්නේ මේ කණ්ඩායමද රැගෙනය. සජිත්ගෙන් ඈත්වූ රංජිත් දැන් වැඩ කරන්නේ හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ කාර්යාලයේය. අනෙක් මාධ්‍ය කණ්ඩායම වැඩ කරන්නේ මනුෂ නානායක්කාර අමාත්‍යවරයාගේ කාර්යාලයේය.
රංජිත්, සජිත් හැරදා ගිය පසුව සජිත් දැඩි කලබලයට පත්ව තිබුණේය. රංජිත් සජිත්ගේ දුරකතනයට පිළිතුරු නොදෙන තැන ඔහු තමන්ගේ නියෝජිතයින් දෙදෙනෙක් රංජිත්ගේ නුවර නිවසට යවා තිබුණේය. එහෙත් රංජිත් ඔවුන් මුණ නොගැසී මග හැර ගොස් තිබුණි.
විපක්ෂ නායක ලේකම් රට හැර ගිහින්
රංජිත් ඉවත්වීමට වසරකට පමණ පෙරදී සජිත්ගේ පුද්ගලික ලේකම් සහ විපක්ෂ නායක ලේකම් ලෙස කටයුතු කළ නීතිඥ රවි ජයවර්ධන එම තනතුරින් ඉල්ලා අස්වූවේය. ඒ තමන්ගේ බිරිද සහ ලක්ෂ්මන් ෆොන්සේකා දේශපාලන කටයුතුවලින් ඈත් කරන ලෙසට දිගින් දිගටම සජිත්ගෙන් කළ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණ තැනය.
විපක්ෂ නායක ලේකම්ධූරයෙන් ඉවත්වූ ඔහු ආචාර්ය උපාධියක් හැදෑරීම සදහා ඔස්ටේ්‍රලියාවට ගියේය. දැන් ඔහු පදිංචිව සිටින්නේ ඔස්ටේ්‍රලියාවේය.
සජිත්ගේ ලග සිටින අය එළියට ගිය පසුව විපක්ෂ නායක කාර්යාලයේ වැඩි බලයක් අල්ලාගෙන ඇත්තේ සමන් ගුණසේකර සහ කෝකිලය. ඔවුන් දෙදෙනාට වැඩි බලයක් හිමිවීම තවත් බෙදීමකට හේතුවනු ඇතැයි විපක්ෂ නායක කාර්යාල ආරංචිමාර්ග පවසන්නේය.