පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැත්වෙන රැස්වීමකට විපක්ෂ නායකවරයා රාජ්‍ය නිලධාරීන් කැඳවීමට අදහස් කරන්නේ නම්, ඔහු විසින් එම විෂයට අදාළ අමාත්‍යවරයාව ලිඛිතව දැනුවත් කළ යුතු අතර, ඊට අනුකූලව එම රැස්වීම්වලට සහභාගී වීමට නිලධාරීන්ට අවසර ලබා දෙන බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක සදහන් කර තිබේ.
එමෙන්ම පාර්ලිමේන්තු කමිටු රැස්වීම් සඳහා කැඳවූ විට අමාත්‍යාංශ ලේකම්වරු ඊට සහභාගී විය යුතු බව ද දන්වමින් ජනාධිපති ලේකම්වරයා නිල වශයෙන් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට දන්වා තිබේ.
මේ පිළිබද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ
න්‍යාය පත්‍රයේ ඇති කරුණු සම්බන්ධයෙන් කාරක සභාවේ සාමාජිකයින් විසින් මතු කරන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට අවශ්‍ය කරුණු ගොනු කිරීම සඳහා පූර්ව රැස්වීම් පැවැත්වීම නිර්දේශ කරන බවය.
කෙසේ වෙතත්, න්‍යාය පත්‍රයට ඇතුළත් නොවන ප්‍රශ්න නිලධාරීන්ගෙන් අසන අවස්ථා වලදී, ඒ සඳහා පිළිතුරු දීමට සහ ප්‍රතිචාර දැක්වීමට සාධාරණ කාල සීමාවක් ඉල්ලා සිටිමින් එම එකඟ වූ කාලය තුළදී ප්‍රතිචාර දැක්විය යුතු බවද එමගින් දන්වා තිබේ.
අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ආරාධනා කර ඇති රැස්වීමකට ලේකම්වරයාට සහභාගි විය නොහැකි අවස්ථාවක, අදාළ කමිටුවේ සභාපතිවරයාගේ අවසරය ඇතිව නියෝජිතයෙකු ලෙස ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට රැස්වීමට සහභාගි විය හැකි බවත් අදාල අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව ආංශික අධීක්ෂණ කමිටු රැස්වීම් සඳහා නිලධාරීන් සහභාගි විය යුතු බවත් දන්වා ඇත.
කෙසේ වෙතත්, සාකච්ඡා කිරීමට නියමිත කරුණු සම්බන්ධයෙන් අමාත්‍යවරයාට ගැටළු තිබේ නම්, ඒවා අමාත්‍යවරයා විසින් ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා වෙත දැනුම් දිය යුතු අතර මුදල් හා සම්බන්ධ අධීක්ෂණ කාරක සභා සඳහා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කැඳවූ විට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය ඇතිව රැස්වීම්වලට සහභාගි විය යුතු බවට සදහන් කර ඇත.