සජිත් ඉල්ලා අස්වෙයි!!

  • By editor
  • December 6, 2023
  • 0
  • 221 Views

රජයේ අරමුදල් තමන්ගේ පෞද්ගලික ව්‍යාපාරයන් වෙත යොදාගත් බවට විගණන වාර්තා මගින් ඔප්පු කළහොත් තමන් ඉල්ලා අස්වීමට සූදානම් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේය.

අද පාර්ලිමේන්තු මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සදහන් කරනු ලැබීය.

ඊට පිළිතුරු ලබාදුන් මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කළේ විපක්ෂනායකවරයා අමාත්‍යවරයා ලෙස සිටි කාලයේ එතුමාගේ බිරිඳගේ රූපලාවණ්‍ය ආයතනයට ආරක්ෂක නිලධාරීන් දස දෙනෙකු රජයේ වැටුප් ලබා දී යෙදවීම සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා අදහස් දැක්විය යුතු බවය.

ඊට පිළිතුරු ලබාදුන් විපක්ෂනායකවරයා සදහන් කළේ එවැනි ආකාරයෙන් මුදල් අවභාවිතයක් සිදු කර ඇති බවට විගණන වාර්තා මගින් ඔප්පු වන්නේ නම් තමන් වහාම ඉල්ලා අස්වීමට සූදානම් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *