සජිත් බස් දෙන්නේ පිරමීඩ ජාවාරම්කරුවන්ගේ සල්ලි වලින්දැයි සොයන්නට විමර්ශණයක්.

  • By editor
  • September 14, 2023
  • 0
  • 311 Views

මෙරට ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාර, වත්කම්, පිළිබද පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති කාර්යාලයේ ප්‍රධානියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇත.

මෙම සතියේදී ජනාධිපති කාර්යාලයේ විශේෂ රැස්වීමක් පවත්වා මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ ඇතැම් ව්‍යාපාරිකයින්ගේ නම්ද ප්‍රකාශයට පත් කරමිනි. මෙම රැස්වීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම නාම ලේඛනය සකස් කරනු ලබන්නේ බුද්ධි අංශ විමසුමකින් අනතුරුවය.

මහ මැතිවරණයට හෝ ජනාධිපතිවරණයට පෙර ව්‍යාපාරිකයින්ගේ තොරතුරු ලබාගන්නේ කුමන අරමුණකින්දැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ටද ප්‍රශ්නයක් වී තිබේ. ඇතැම් විට ලබන 15 වැනිදා සිට ක්‍රියාත්මක වන දූෂණ විරෝධී පනත හරහා කූඨ ව්‍යාපාරිකයින්ට නඩු පැවරීමේ අරමුණින් මෙලෙස තොරතුරු ලබාගැනීම ජනාධිපති කාර්යාල ප්‍රධානියාගේ අභිප්‍රාය වී ඇතැයි නිලධාරීහු ප්‍රකාශ කරති.

ඇතැම් ව්‍යාපාරිකයින් භාණ්ඩ විදේශීය රටවලට අපනයනය කර විදේශ මුදල් යළි ශ්‍රී ලංකාවට නොගෙනීම පිළිබඳවද ආණ්ඩුවේ අවධානය යොමුව තිබේ.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දෛනිකව පාසල්වලට බස් රථ ලබාදෙමින් සිදුකරන වැඩපිළිවෙලට මූල්‍ය දායකත්වය ලබාදෙන ව්‍යාපාරිකයින් පිළිබදවද තොරතුරු ආණ්ඩුව වෙත ලැබී ඇත.

ඒ පිළිබදවද විමර්ශනය කර මෙම මුදල් පිරමීඩ් ජාවාරම්, උන්ඩියල් ක්‍රමවලට සොයා ගන්නේදැයි පරීක්ෂා කර වාර්තාවට ඇතුළත් කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇතැයි වාර්තා වෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *