සජිත් බොරැල්ල පොලිසියට

  • By editor
  • July 29, 2023
  • 0
  • 82 Views

පොලීසිය විසින් අත්අඩංගුවට ගත් තරිඳු උඩුවරගෙදරගේ සුවදුක් බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ රාත්‍රීයේ හදිසියේම බොරැල්ල පොලීසියට ගොස් තිබේ.

පසුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ සජිත් ප්‍රේමදාස මාධ්‍යවේදී තරිදු අත්අඩංගුවට ගැනීම හෙළා දකින බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස

‘අපේ රට ප්‍රජාත්‍රන්ත්‍රවාදී රටක් .අපේ රට තුල භාෂණයේ නිදහස මෙන්ම මාධ්‍ය නිදහස තියෙන මුලික අයිති වාසිකම් ඇති ප්‍රජත්‍රන්ත්‍ර වාදී රටක් නිසා මම විශේෂයෙන්ම මේ රජයෙන් ඉල්ලා සිටින්නේ අද දින බොරැල්ල ප්‍රදේසයේදී පොලිස් අත්අඩංගුවට ගත් මාධ්‍යවේදී තරිඳු උදුවරගෙදර මහතාව වහාම නිදහස් කරන ලෙසටයි .

අද මම තරිඳු උදුවරගෙදර මහතාගේ සුවදුක් විමසීමට බොරැල්ල පොලිස් ස්ථානයට පැමිණියා .මේ රජය ඒකාධිපති -ආක්ඥආදායක රටක් නොවන බව කවුරුත් තේරුම් ගත යුතුයි .ප්‍රජත්‍රන්ත්‍රවාදී රටක ප්‍රධානතම ලක්ෂණය තමයි මිනිස් අයිති වාසිකම් සුරක්ෂිත වන උත්තරීතර නීති පද්ධතියක් කියාත්මක වීම .මාධ්‍ය නිදහස මේ රටේ තියෙනවා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *