ආණ්ඩුවට සහාය දෙන්නැයි ජනාධිපතිවරයා විසින් විපක්ෂයට ආරාධනා කරන්නේ හොරු අල්ලන්න ද හොරු බේරන්න දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
එමෙන්ම තමන් අවුරුදු විසි එකක් විපක්ෂ නායක පුටුව රත් කර කර සිටීමට කිසිදු බලාපොරොත්තුවක් නැතැයි ද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.
තමන්ගේ දේශපාලන ගමන්මග තීරණය කරන්නේ දේශපාලන ඩීල් වලින් නොව රටේ ලක්ෂ 220 ක ජනතාව විසින් බවද කියා සිටියේය.