සජිත් – රනිල් එකතු කරන්න මලික් සටනක

  • By editor
  • December 4, 2023
  • 0
  • 76 Views

පසුගිය දා රැස්වු එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ රැස්වීමේ දි ඉදිරි මැතිවරණ සඳහා දිස්ත්‍රික් හා පළාත් මට්ටමෙන් සංවිධාන කටයුතු විවිධ පාර්ශව වෙත භාර දී තිබේ.

එක්සත් ජාතික පක්ෂය මැතිවරණ ඉලක්ක කර ගනිමින් සිදුකෙරෙන වැඩපිළිවෙළ පසුගිය කාල සීමාව තුළ ඉතා මන්දගාමීව සිදුකෙරුණු  අතර ලබන වසරේ දී එය නව ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්කිරීමේ උත්සහයක් පවතින බව වාර්තා වේ.

මෙහි මුලිකත්වය මලික් සමරවික්‍රම මහතා විසින් ගෙන ඇති අතර මේ සඳහා තවත් කිහිපදෙනෙකු එක් වී ඇති බව සඳහන්ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සමීපතමයෙකු වන මලික් සමරවික්‍රම මහතා එක්සත් ජාතික පක්ෂ පාලන සමය තුළ අමාත්‍යවරයෙකු ලෙස ද කටයුතු කළේය.

කෙසේ වෙතත් මෙම ක්‍රියාදාමය සඳහා සමගි ජනබලවේගය පක්ෂයේ සැලකිය යුතු පිරිසකගේ කැමැත්ත පළ වී තිබේ.

එහෙත් විපක්ෂ නායකවරයා මේ සම්බන්ධයෙන් අවසන් එකඟතාවක් පළ කර නොමැති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *