සත්තු වත්තේ ජිරාෆ් මියයයි – දැන් සත්තුවත්තට එක ජිරාෆ් කෙනයි

  • By editor
  • December 8, 2023
  • 0
  • 161 Views

පාදයේ ආබාධය ලක්ව දෙහිවල සත්තුවත්තේ සිටි ජිරාෆ් සතෙකුට ලබාදුන් එන්නත් මාත්‍රාවක් වැඩිවීමෙන් එම සත්වයා මියගොස් ඇති බව වාර්තා වේ.

එම එන්නත ලබා දීමෙන් පසුව එම සතා සෙම දමමින් බිම ඇද වැටී ඉතා අසාධ්‍ය තත්ත්වයේ සිට තිබේ.

අනතුරුව එම සත්වයා ඔසවා ප්‍රතිකාර කිරීම සඳහා එසවීම් යන්ත්‍රයක් ගෙනාවත් ඒ වන විට සතා මියගොස් තිබිණ.

එන්නත් මාත්‍රාව වැඩිවීම හේතුවෙන් මෙම මෙසේ සත්වයා මිය යන්නට ඇතැයි සත්වෝද්‍යානයේ සේවකයන් සදහන් කරයි.

කෙසෙවෙතත් මේ වනවිට එම සත්වෝද්‍යානයේ ඉතිරි වී සිටින්නේ තවත් එක් ජිරාෆ් සතෙකු පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *