සතිඅන්තෙත් තෙල් බෙදාහැරීම අඛණ්ඩව

  • By editor
  • June 2, 2023
  • 0
  • 237 Views

පවතින ඉන්ධන හිගය හේතුවෙන් මෙම සතියේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව සිදුකරන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය වෙත අමාත්‍ය කංචන විජේසේකර උපදෙස් ලබා දී තිබේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මේ බව සදහන් කර ඇත.

අතිකාල වියදම් අඩුකිරීමේ අරමුණ සහිතව පසුගිය මාස 4ක කාලය තුළදී රජයේ නිවාඩු දිනවල සහ ඉරිදා දිනවල ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ක්‍රියාත්මක නොවීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ , ඉන්ධන මිල අඩුවීමේ බලාපොරොත්තුව සහිතව ඇතැම් ඉන්ධන පිරවුම්හල් පසුගිය සෙනසුරාදා සිට ඉන්ධන ඇනවුම් සිදුනොකිරීම සහ අවම තොග පවත්වාගෙන නොයාම හේතුවෙන් මේ වනවිට ඉන්ධන පිරවුම්හල් වල හිඟයක් නිර්මාණය වී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *