සතියක් තුළ මහින්ද රාජපක්ෂව මරණවා යැයි නිලනිවස අසලටම ගොස් තග දැමූ පුද්ගලයා අත්අඩංගුවට 

  • By editor
  • November 24, 2023
  • 0
  • 87 Views

හිටපු ජනාධිපතිවරයා සතියක් ඇතුළත සොයා ගැනීමට නොහැකි වන ආකාරයට මරා දමන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට කෑගසමින් කලහාකාරී ලෙස කටයුතු කළ පුද්ගලයකු කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ පෙරවරුවේ කොළඹ 7 විජේරාම මාවතේ පිහිටි නිලනිවසට පැමිණි මෙම පුද්ගලයා පිළිබඳ ඒ ආසන්නයේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙකු දැක කුරුදුවත්ත පොලිසියට දැනුම් දීමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.

ඒ අනුව කිරිදිවැල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 36 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *