සතොස ලොරි 10ක් ඇමති හිතවතෙක්ට විකුණලා – සතොස වෘත්තිය සමිති

  • By editor
  • January 5, 2024
  • 0
  • 85 Views

සතොස භාණ්ඩ බෙදා හැරීමට යොදවා තිබූ ලොරි රථ 84න් ලොරි 10කට වැඩි ප්‍රමාණයක් වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දුගේ හිතවතෙකුට රුපියල් ලක්ශ 50බැගින් අලෙවි කර ඇති බවට සතොස වෘත්තීය සමිති චෝදනා කරයි 

සතොස ආයතනය ඈවර කිරීමෙන් පසු පසුගිය සැප්තැම්බර් මාසයේ සිට මරදාන ඩී.ආර් විජේවර්ධන මාවතේ සතොස ප්‍රවාහන අංශයේ මෙම ලොරි රථ එක තැන නතර කර තැබීම හේතුවෙන් ටයර් හා බැටරි විනාශ වී තිබෙන බවද එම වෘත්තීන් සමිති සඳහන් කරයි 

එහෙත් එම ලොරි රථ අතරින් හොඳ තත්ත්වයේ පැවති ලොරි රථ 10කට අධික ප්‍රමාණයක් මෙලෙස ඇමතිවරයා විසින් හිතවතෙකුට ලබා දී ඇති බවත් එක්ලොරි රථයක් රුපියල් ලක්ෂ පනහකට ලබා දුන්නද ඒවා ඊටත් වඩා වටිනාකමකින් යුක්ත වන බවත් එම වෘත්තී සමිති පවසයි.

කෙසෙවෙතත් මේ පිළිබඳ අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍යවරයා සදහන් කරන්නේ තමන් විසින් එවැනි ආකාරයේ ක්‍රියාවක් සිදු නොකළ බවත් එම ලොරි රථ ටෙන්ඩර් කර අලෙවි කෙරෙන බවත් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *