සනත් නිශාන්තගේ රියදුරු දැන් කියන කතාව

  • By editor
  • January 27, 2024
  • 0
  • 248 Views

අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ රියදුරු පෙබරවාරි මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වැලිසර මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ වන 28 හැවිරිදි ප්‍රභාත් එරංග නැමැත්තෙකි. ඔහු වසර 10ක් පුරා අමාත්‍යවරයා යටතේ සේවය කර තිබේ.

අනතුරින් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ඔහු පොලීසිය වෙත සිද්ධිය හෙළි කර ඇත්තේ මෙලෙසිනි.

”අපි හලාවත වෙඩින් එක ඉවර වෙලා කොළඹ එමින් ගමන් හිටියේ. ඒ වෙනකොට ඇමතිතුමාට නින්ද ගිහිං හිටියේ. මම හයිවේ එකේ අපිට ඉස්සරහින් ගිය කන්ටේනර් එක ඉස්සර කරන්න උත්සාහ කළා. එතකොටම මම දැක්කා පිටිපස්සෙන් තව කාර් එකක් එනවා. ඒ නිසා මම අපේ වාහනය වම් පැත්තට ගන්න හදනකොටම ජීප් එක කොන්ට්‍රෝල් නැතුව ගිහිං කන්ටේනර් එකේ වැදුණා. ඊට පස්සේ ජීප් එක වැටේ හැප්පිලා නතර වුණා.”

මේ අතර අනතුර සිදුවන අවස්ථාවේදී රියැදුරු මත්පැන් පානය කර සිටියේද යන්න සොයා බැලීම සඳහා කටුනායක අධිවේග මාර්ග රථවාහන පොලීසිය අධිකරණ වෛද්‍ය නිලධාරින්ගෙන් ඉල්ලීමක්ද කර ඇති අතර එම වාර්තාව ඉදිරි සතිය තුළදී ලැබීමට නියමිත බව පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *