සනත් නිශාන්තගේ වාහනයට ප්‍රහාරයක්

  • By editor
  • December 29, 2023
  • 0
  • 104 Views

රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ගමන් කළ වාහනයට පිරිසක් විසින් පහර දී අලාභහානි කර ඇති බව වාර්තා වේ.

ඔහු ගමන් කළ මෝටර් රථයක ගැටි සිදු වු අනතුරින් පසු එම වාහනයේ ගමන් ගත් පිරිස ඇමැතිවරයාගේ වාහනයට මෙලෙස පහරදී අලාභහානි කර ඇත.

ඇමතිවරයා ඇතුළු පිරිසක් දංකොටුව ප්‍රදේශයෙ පැවති උත්සයකට සහභාගි විමටගමන් කරමින් සිටියදී මාරවිල මෝදරවැල්ල දෙවස්ථානය ඉදිරිපිටදි වංගුව ප්‍රදේශයෙදී අද (29 ) මෙම අනතුර සිදුව ඇත.

මෙම පහරදීම සම්බන්ධයෙන් කෝටිපති ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලීසිය පවසයි.

ඇමතිවරයාගෙ සුඛෝපභෝගී ජීප් රථයෙ ගැටිමෙන් අනෙක් මෝටර් රථයට හානි සිදුව තිබු අතර එහි ගමන් කළ කෝටිපති ව්‍යාපාරීකයා තම වාහනයට සිදුවු හානිය සහ එහි සිටි ඇමැතිරයා දැක දැඩි ලෙස කෝප වි යකඩයක් රැගෙන විත් පහර දි ඇති බව කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *