සනත් නිශාන්තට පාර්ලිමේන්තුව තහනම් 

  • By editor
  • November 22, 2023
  • 0
  • 72 Views

පාර්ලිමේන්තුවේ දී විනය විරෝධී ලෙස හැසිරුණු පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට සති දෙකක් පාර්ලිමේන්තුව තහනම් කර තිබෙන බව වාර්තා වේ.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 146 හි විධිවිධාන ප්‍රකාරව තමා වෙත පැවරී ඇති බලතල අනුව එම තීරණය ගත් බවත් එය අද (22) දින සිට ක්‍රියාත්මක බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඊයේ දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් සිටියදී ඊට බාධා කරමින් කලබලකාරී ලෙස හැසිරීම මත මෙම දඬුවම නියම කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *