සමනළ වැවේ ජලයෙන් විදුලිය නිෂ්පාදනය කළ හැක්කේ දින දෙකකට පමණයි

  • By editor
  • August 15, 2023
  • 0
  • 248 Views

සමනල වැව ජලාශයේ සක්‍රීය ජල ධාරිතාව සීඝ්‍රයෙන් පහළ යෑම හේතුවෙන් එහි විදුලි නිෂ්පාදනය තව දින දෙකකට පමණක් සීමාවනු ඇතැයි විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අද (15) මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ අවශ්‍ය වුවහොත් හදිසි විදුලි මිලදී ගැනීමක් සිදුකිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවය.

දිවයිනට බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වය හමුවේ උඩවලව ජලාශයේ සක්‍රීය ජල මට්ටම අවම අගයකට පැමිණි අතර එමගින් පෝෂණය වන ගොවිබිම් වෙත මුදාහැරීම සඳහා සමනල වැවෙන් අතිරික්ත ජල ධාරිතාවක් මුදා හැරීම ඉකුත් 08 වනදා ආරම්භ වුණි. 

ඒ අනුව විදුලිය නිෂ්පාදනය කරමින්, දෛනිකව උපරිම ධාරිතාවයකින් උඩවලව ජලාශයට ජලය නිකුත් කළ බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

කෙසේවෙතත්, අද පස්වරු 03 වන විට සමනල වැවේ සක්‍රීය ජල ධාරිතාව මිලියන ඝන මීටර් 4.89ක් දක්වා පහළ ගොස් තිබුණි.

එය ජලාශයේ සමස්ත ජල ධාරිතාවෙන් 2.91%ක ප්‍රතිශතයකි. 

ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ සමනල වැවේ ඉතිරිව ඇති ජල ධාරිතාවයෙන් විදුලිය උත්පාදනය කළ හැක්කේ තවත් දින දෙකක් පමණක් බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *