සමන් රත්නප්‍රියගේ හෙද සංගමය ප්‍රතික්ෂේපකළ ඔක්සිජන් වෙනුවෙන් කාබන්ඩයොක්සයිඩ් දීමේ සිද්ධියට හේතුව රවී කුමුදේශ් හෙළි කරයි.

  • By editor
  • January 5, 2024
  • 0
  • 71 Views

ශ්‍රී ලංකා ජාතික රෝහල තුල රෝගියෙකු සඳහා ලබා දිය යුතු ඔක්සිජන් වායුව වෙණුවට, කාබන් ඩයොක්සයිඩ් වායුව ලබා දීම හේතුවෙන් රෝගියෙකු මිය යෑම පිළිබඳ වාර්ථාව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා නායකත්වය දරන රජයේ හෙද සංගමයක් විසින් පසුගිය දා ප්‍රතික්ෂේප කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සදහන් කරයි.

නමුත් එම සංගමය සදහන් කරන්නේ ශල්‍යකර්මය අතර තුර ඔක්සිජන් සැපයුම නතර වූ බවත්, ඒ මොහොතේ සෞඛ්‍ය සහයයෙකු විසින් කාබන් ඩයොක්සයිඩ් ස්ලින්ඩරයක් අදාල සැපයුම වෙත සම්බන්ධ කිරීමට උත්සාහ කල බවත්, එය හෙද නිලධාරීන් විසින් වැලැක්වූ බැවින් එසේ සිදු නොවූ බවත් ය.

කෙසේනමුත් සෞඛ්‍ය සහයකයෙකුට එසේ උත්සාහ කිරීම පවා සිදු කිරීමටනම් අදාල යන්ත්‍රයෙහි පින් දර්ශක පද්ධතිය (Pin Index) කිසියම් විකෘත්තියකට ලක්ව තිබිය යුතු බවත් රවී කුමුදේශ් මහතා පෙන්වා දෙයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් රවී කුමුදේශ් සදහන් කරන්නේ.

“පින් දර්ශක පද්ධතිය යනු වෛද්‍ය ගෑස් සිලින්ඩර නිවැරදිව උපකරණවලට සම්බන්ධ කර ඇති බව සහතික කිරීම සඳහා භාවිතා කරන ප්‍රමිතිගත පද්ධතියක්, ශල්‍යාගාරයක වාතාශ්‍ර යන්ත්‍රයක (Ventilator) පින් දර්ශක පද්ධතිය ඔක්සිජන්, නයිට්‍රස් ඔක්සයිඩ් හෝ කාබන් ඩයොක්සයිඩ් වැනි විශේෂිත වෛද්‍ය වායු යන්ත්‍රය වෙත නිසි ලෙස සම්බන්ධ කර ඇති බව සහතික කිරීමක්.

සෑම ගෑස් සිලින්ඩරයක්ම සහ යන්ත්‍රය මත ඇති අනුරූප ඇතුල්වීම විවිධ වායූන් සඳහා නම් කරන ලද විශේෂිත අල්පෙනති (හෝ පින් ස්ථාන) ඇත.

නිදසුනක් ලෙස, ඔක්සිජන් වල වැරදි සම්බන්ධතා වැළැක්වීම සඳහා කාබන් ඩයොක්සයිඩ් වලට වඩා වෙනස් පින් වින්‍යාසයක් පවත්වා ගැනීම පෙන්වා දිය හැක. මෙමගින් අහම්බෙන් හෝ වැරදීමකින් වායූන් මිශ්‍ර වීම වැළැක්වීම මගින් රෝගියාගේ ආරක්ෂාව තාක්ෂණිකවම සහතික කර ඇත.

එනයින් ජාතික රෝහලේ අදාල සිදුවීම සිදුවූවා හෝ වීමට ගොස් වලක්වා ගැනීම යන කරුණු දෙක මඟින්ම, මෙකී යන්ත්‍රය නියමාකාරයෙන් නොතිබූ බව තහවුරු වෙයි.

එසේනම් එම යන්ත්‍ර එලෙස විකෘත්ති කරමින් රෝගීන් අනවශ්‍ය අවධානමකට ලක් කලේ කවුද? ඒසේ කිරීමට සිදු වූයේ කුමක් නිසාද? එම යන්ත්‍ර අළුත් වැඩියාව නිවැරදි ආකාරයෙන් සිදු නොවීමේ වග කිව යුත්තා කවුද? ජාතික රෝහල වැනි විශාල ආයතනයක මෙවැනි ගැටළු විසඳීමට අදාල ජීව වෛද්‍ය විද්‍යාඥයෙකු පත් නොකරන්නේ කුමක් නිසාද?

රෝගියා මිය ගොස් අවසන්ය.  ඇය වටා ඒ මොහොතේ සිටි කිසිවෙකුට හෝ ඇය වෙණුවෙන් සාක්ෂි දිමා නොහැකි බවද ඉතා පැහැදිළිය.

එනිසාම රෝගියාට නැවත පන දුන්නද මෙම විමර්ෂණය සදහා ඇයට සිදුවූ අසාධාරණය තහවුරු කිරීමට ඇයට සාක්ෂි සපායා ගැනීම අපහසුය.

එනිසාම, සෞඛ්‍ය ඇමතිවරයාගේ විමර්ෂණ කණඩායම අවම තරමින් ඉහත ගැටළු කෙරෙහි අවධානය යොමු කලහොත්, ඉදිරියේදී එවන් තත්වයක් ඇති වීම වලක්වා ගත හැකිය.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *