සම්පත් බැංකුවේ මහා පරිමාණ වංචාවක් එළියට – පස් දෙනෙකුට විදෙස් ගමන් තහනම්

  • By editor
  • December 13, 2023
  • 0
  • 152 Views

බැංකුවේ ගනුදෙනුකරුවකුගෙන් රුපියල් මිලියන 77.98ක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සම්පත් බැංකුවේ හිටපු නිලධාරීන් පස්දෙනකුට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද විදෙස් ගමන් තහනම් කළේය.

එම නිලධාරීන් තලාහේන ශාඛාවට අනුයුක්තව සේවය කළ අය බව ද අධිකරණයට කරුණු වාර්තා කෙරිණි.

ඒ අනුව ලක්නා ජයසේකර (පළමු නිලධාරි), තනුජා මුතුකුමාරණ (හිටපු කළමනාකාරිනිය), අරුණ ජිනදාස (හිටපු ප්‍රාදේශීය කළමණාකරු), ගයනි විධානපතිරණගේ (ලිපිකරු) සහ හිරන්ත කොඩිකාර (ශාඛා ණය නිලධාරී) යන බැංකු නිලධාරීන් පස්දෙනාට අධිකරණය මෙලෙස විදේශ ගමන් තහනම් කළේය.

සම්මානලාභී පාරම්පරික වෛද්‍යවරයකු වන කැළුම් හර්ෂ කමල් වීරසිංහ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව මෙලෙස අධිකරණයට කරුණු වාර්තා විය.

තමන්ගේ අවසරයකින් තොරව රුපියල් මිලියන 77.98ක මුදලක් වංචනික ලෙස වංචා කර ඇති බවට ඔහු පැමිණිල්ලේ සදහන් කර තිබුණි.

සම්පත් බැංකුවේ තලාහේන ශාඛාවේ සිදුවූ බව කියන මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට වෝහාරික විගණන වාර්තාවක් ඉදිරිපත් කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *