සමාජ මාධ්‍ය ජාල කැළඹූ විශ්ව බුද්ධා රිමාන්ඩ් – බුද්ධ ශාසනය රකින CID එකට ආනන්ද සාගර හිමිගෙන් ප්‍රශංසා

  • By editor
  • December 13, 2023
  • 0
  • 108 Views

විශ්ව බුද්ධා නමින් හිමි නමක් ලෙස පෙනී සිටිමින් බුදු දහමටට අපහාස වන අයුරින් හැසිරුණු චීවරධාරියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

ඒ අනුව සැකකරු ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අධිකරණයෙන් නියම විය.

කලගෙඩිහේන ප්‍රදේශයේදී එම චීවරධාරීයා අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු පිළිබඳ මානසික වෛද්‍ය වාර්තාවක් කැදවීමට ද අධිකරණයෙන් නියම කර ඇත.

මෙලෙස බන්ධනාගාරගත කර ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි වියේ පසුවූ චීවරධාරියෙකි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේදී භික්ෂූන් වහන්සේලා පිරිසක් රැස් වූ අතර පාහියන්ගල ආනන්ද සාගර හිමි මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කළේ තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බෙහෙවින් ස්තුතිවන්ත වන බවය.

මේ වනවිට බුද්ධ ශාසනය රකින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වන බව ත් පසුගිය වකවානුවේ දී බුදු දහමට අපහාස වන් අන්දමේ සිදු වූ සිදුවීම් මාලාව ද හුදකලා සිද්ධීන් නොවන බව ත් උන්වහන්සේ සදහන් කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *