අර්බුදකාරී ආර්ථක තත්වයක් තුළ සමෘද්ධි බැංකු විසින් අලුත් අවුරුදු උත්සව 1074 පැවැත්වීමට සැලසුම් කර ඇතැයි සමෘද්ධි වෘත්තිය සංගම් එකමුතුව සඳහන් කරයි.
මෙලෙස අවුරුදු උත්සව සංවිධානය කර ඇත්තේ සමෘද්ධි බැංකු 1074 මූලික කර ගනිමින් බවද වාර්තා වේ.
එක් අවුරුදු උත්සවයක් සඳහා සමෘද්ධි බැංකුවක් මගින් රුපියල් 75,000 ක මුදලක් වියදම් කළ යුතු බවට යෝජනා කර ඇතැයි ද පැවසූ ඔහු ඊට වඩා වැඩි මුදලක් වියදම් වන්නේ නම් අදාළ මුදල් සමෘද්ධි ලාභීන්ගෙන් එකතු කර ගැනීමට ද සැලසුම් කර ඇතැයි පැවසීය.
පසුගිය දිනවල එම පිරිසට සහල් ලබා දීමට පවා රජය පියවර ගැනීම සිටියදී සමෘද්ධි බැංකුවකින් රුපියල් හැත්තෑපන් දහසක් වියදම් කරමින් අලුත් අවුරුදු උත්සව පැවැත්වීම අපරාධයක් බවත් ඔවුන් පෙන්වා දී තිබේ.