සමෘද්ධිය ලැබෙන්න ඕන අයට ලැබිලා නෑ

  • By editor
  • April 28, 2023
  • 0
  • 121 Views

සමෘද්ධි ප්‍රතිලාභය ලබන පවුල්වලින් 33% කට ආසන්න ප්‍රමාණයක් සමෘද්ධි ප්‍රතිලාභ හිමි නොවිය යුතු පවුල් බව කෝපා කම්ටුවේදී අනාවරණය වේ.

එමෙන්ම ඒ හා සමාන පවුල් ප්‍රමාණයක් සමෘද්ධි ප්‍රතිලාභය හිමි වියයුතු පවුල් වුවද එම ප්‍රතිලාභය හිමිවී නොමැති බවත් එහිදී හෙළිවී තිබේ.

2015 සිට 2017 දක්වා මුළු දිවයිනම ආවරණය වනපරිදි කරන ලද සමීක්ෂණයකට අනුව මෙම තොරතුරු හඳුනාගෙන ඇති අතර සංඛ්‍යාත්මකව පවුල් 449,979ක් සමෘද්ධි සහනාධාරය ඉවත් කළ යුතු පවුල් බවත්, මෙම සමෘද්ධිලාභීන් තෝරාගැනීම් සිදු කිරීමේදී අවිධිමත් බවක් නිරීක්ෂණය වන බවද ජාතික විගණන කාර්යාලයේ නිලධාරීන් පෙන්වාදී ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *