විශාලතම ඛනිජ තෙල් සමාගමක් වන චීනයේ සයිනොපෙක් සමාගම සමග ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදන අලෙවිය සහ බෙදාහැරීමේ ගිවිසුමකට අද (22) අත්සන් තැබූ බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කර තිබේ.
සයිනෝපෙක් ෆුවල් ඔයිල්, ලංකා පුද්ගලික සමාගම, චීනයේ එහි මව් සමාගම සහ සිංගප්පූරුව සමග ඛනිජ තෙල් නිෂ්පාදන මෙරටට ආනයනය, ගබඩා කිරීම සහ අලෙවිය සඳහා දීර්ඝ කාලීන ගිවිසුමකට එමගින් එළඹුණු බව ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
කැබිනට් අනුමැතියෙන් පත් කළ විශේෂ කමිටුවක් චීන සයිනොපෙක් සමාගම සමග පැවැත් වු සාකච්ඡාවලින් අනතුරුව ලබාදුන් නිර්දේශවලට අනුව එම ගිවිසුමට එළඹී තිබේ.



