සරත් ෆොන්සේකා ඉවත් වේ

  • By editor
  • June 2, 2023
  • 0
  • 176 Views

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජික ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බවට වාර්තා වේ.

ඊට හේතුව වන්නේ මෙම අධීක්ෂණ කාරක සභාවේ සභාපතිත්වය දරන්නේ රියර් අද්මිරාල් සරත් වීරසේකර මන්ත්‍රීවරයා බැවින් ඔහුගේ සභාපතිත්වය යටතේ ෆොන්සේකාට ක්‍රියාකළ නොහැකි නිසා බවට ද තොරතුරු වාර්තා වේ.

කෙසේ වෙතත් එම තනතුර සදහා තමන්ව නිර්දේශ කරන ලෙස රාවුෆ් හකීම් ඉල්ලීමක් ද කර ඇත.

මෙම කරුණ හෙළිදරව් වූයේ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ සතියේ රැස්වූ පාර්ලිමේන්තු කාරක සභාවේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *