සරත් ෆොන්සේකා සජිත්ට දෙහි කපයි

  • By editor
  • October 9, 2023
  • 0
  • 158 Views

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙනස් වීමට අකමැති සාම්ප්‍රදායික දේශපාලකයෙක් බැවින් රටට වෙනස් යමක් ඔහුගෙන් බලාපොරොත්තු විය නොහැකි බව මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සදහන් කරයි.

එමෙන්ම සමගි ජන බලවේගය තමන් පිළිගන්නා දේශපාලන ධාරාවේ ගමන් නොකරන බවත් යල්පැනගිය ජනතාව ප්‍රතික්ෂේප කළ සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමයක ගමන් කරන බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

තම පක්ෂය තුළ සිටින ඇතැම් පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂය ගමන් කරන වැරදි මාර්ගය පිළිබඳව දැන දැනත් අදහස් ප්‍රකාශ කිරීමට නොහැකිව බියෙන් පසුවන බවද මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සදහන් කරයි.

ඔහු අන්තර්ජාල නාලිකාවකට එක්වෙමින් මෙම අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *